සිනමා ශාලා සඳහා ප්‍රේක්ෂකයින් ඇඳගන්න නැවතත් සමාජ ගත වුනු වැඩිහිටියන්ට පමණයි සිනමාව
ලංකාවේ සිනමාව වෙනස්ම තලයකට ගෙන යන්නට පුළුවන් නිර්මාණ කාණ්ඩයක් තමයි වැඩිහිටියන්ට පමණයි කියන නිර්මාණ කාණ්ඩය. මේ වන විට සමාජය පුරා නැවතත් කතාබහට ලක්වෙමින් පවතිනවා මෙම වැඩිහිටියන්ට පමණයි කියන සිනමා නිර්මාණ ගැන.
ඒ වගේම අසූව අනූව දශකයන් වල සිනමා නිර්මාණ බලන්නට සිනමා ශාලා සඳහා ප්‍රේක්ෂකයන්ගේ පැමිණීම අඩු වන විටදී මෙවැනි ගණයේ නිර්මාණ හදන්නට බොහෝ අධ්‍යක්ෂකවරුන් පෙලඹිලා තිබෙනවා. සිනමා කර්මාන්තයට එවැනිම වූ කාල පරිච්ඡේදයක් තමයි මේ වන විට උදා වෙලා තිබෙන්නේ.
ඉතින් මේ අවස්ථාවේදී සිනමා අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණසූරිය මහත්මයා කාලෝචිත විදිහට නිර්මාණයක් සමාජගත කරන්නට යොමු වෙලා තිබෙනවා. මේත් එක්කම වැඩිහිටියන්ට පමණයි කියන චිත්‍රපට කාණ්ඩය නැවතත් සමාජයේ කතාබහට ලක්වෙලා තිබෙන කාරණාවක් බවට පත් වනවා.
ඒත් එක්කම අසූව අනූව දශකයන් වලදී වැඩිහිටියන්ට පමණයි සිනමා කාණ්ඩයේ රංගන දායකත්වය ලබා දීපු සිනමා රංගන ශිල්පිනියන් ගැනත් කතා බහට ලක්වෙන කාරණාවක් වුණා. නමුත් එවැනි රංගන ශිල්පීන් හට එවකට සමාජය තුළ තිබුණ නොපිළිගැනීම සහ සමාජයෙන් එල්ල වුණු කතාබහ නිසාවෙන් බොහෝ රංගන ශිල්පීන්ට රට අතහැරලා දාලා යන්නටත් යොමු වෙලා තිබෙන කාරණාව මතක් කරන්නට ඕනේ.
ඇගේ වෛරය, දැවෙන විහඟුන්, තනි තටුවෙන් පියාඹන්න, අඹුසැමියෝ, බොරදිය පොකුණ වගේ බොහොමයක් සිනමා නිර්මාණ සිංහල සිනමාව වෙනුවෙන් නිර්මාණය වුණා. සුමනා ගෝමස් අනෝමා ජනාදරී වැනි රංගන ශිල්පිනියන් මේ වෙනුවෙන් බොහෝ විට ඔවුන්ගේ රංගන දායකත්වය ලබා දෙනවා.
අනෝමා ජනාදරී කියලා කියන්නේ විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන අශෝක හඳගමගේ භාර්යාව. ඉතින් ඇය තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට සම්පූර්ණයෙන්ම කැමරාවක් ඉදිරිපිට නිරුවත් වන්නේ. ඒ තනි තටුවෙන් පියාඹන්න කියන චිත්‍රපටයේ ඒත් සමගම සුමනා ගෝමස් මෙවැනි වූ නිරුවත් දර්ශන සහිත සිනමා නිර්මාණයන් සඳහා රංගන දායකත්වය ලබා දීලා තිබෙනවා.
නමුත් ඇය මේ වන විට ලංකාවේ නැහැ. එයට හේතුව බවට පත්වෙන්නේ එවකට සමාජයෙන් ඇයට එල්ල වූ චෝදනා. ඉතින් ඇය මේ වනවිට ඇමරිකාවේ තමයි ජීවත් වෙන්නේ. ලංකාවේ නොවන විදේශ පුද්ගලයෙක් සමඟ තමයි විවාහ වෙලා සිටින්නේ.
ඉතින් මෙවැනි වූ කාණ්ඩයක නිර්මාණය වන අලුත්ම සිනමා නිර්මාණය වන ගිනි මල් පොකුරු ඔස්සේ නැවතත් වැඩිහිටියන්ට පමණයි කියන ලේබල් එක සහිත සිනමා නිර්මාණ බිහිවේවි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |










