මොන විදියට කොයි දේ දෙනවා කිවුවත් මම නිරුවත් චරිත කරන්නෙ නෑ-ජනප්‍රිය සුරූපී නිලි ගීත්මා බණ්ඩාර (VIDEO)

By Sithumi Dec 05, 2021 05:54 PM GMT
Sithumi

Sithumi

Report

හිරු නාලිකාවේ අවුරුදු කුමරියක් වන ගීත්මා බණ්ඩාර අද වෙනකොට ලංකාවේ ගොඩක් දෙනා හදුනා ගන්නේ දෙරණ නාලිකාවේ විකාශනය වන සංගීතේ ටෙලි නාට්‍යයේ අසේනි කියන චරිතය හරහායි. බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ජනප්‍රියත්වයක් හිමි කර ගන්නටත් මෙම චරිතය හරහා ගීත්මාට හැකි වෙනවා.

සංගීතේ ටෙලි නාට්‍යයේ අසේනි කියන චරිතය හරහා ජනතාව අතරට එන ගීත්මා බණ්ඩාර පසුගිය දවසක පුවත්පතකට කරුණු ඉදිරිපත් කරලා තිබුණා. හිරු අවුරුදු කුමරිය උනාට පස්සේ ඇය ක්ෂේත්‍රයේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නිරූපණ ශිල්පිනියක් ලෙස වගේම වෙළඳ දැන්වීම් රංගන ශිල්පිනියක් විදිහට. 

ඉතින් මේ දවස්වල ඇය සංගීතය ටෙලි නාට්යයේ වැඩ කටයුතු පමණක් කරන බව තමයි සදහන් වෙන්නේ. එයට හේතුව බවට පත් වෙලා තියෙන්නෙ පවතින කොවිඩ් තත්ත්වය. කොහොම වුණත් අද වනවිට බොහෝ දෙනා අතර ජනපිය ගීත්මා බණ්ඩාර කියන චරිතය ක්ෂේත්‍රය තුළ බ්රෑන්ඩ් එකක් බවට නිර්මාණය කිරීමේ දී ඇයට බෙහෙවින් ගැටලුවලට මුහුණ දෙන්නට වුණා කියලත් සඳහන් වෙනවා. 

එහිලා ඇයට බොහෝ කැප කිරීම් කරන්නට සිදු වුණා කියලත්, දිවා රෑ නොබලා බොහොම වෙහෙසීමෙන් කටයුතු කරන්න වුණ බවත් සඳහන් කරනවා. ගීත්මා බණ්ඩාර ක්ෂේත්‍රයේ දිගු කාලයක් රැදිල ඉන්න එහෙම නැත්නම් කලාවේ පැවැත්ම වෙනුවෙන් ඉන්න ඕන නිසා ඇය විසින් කරන්නේ රංගනය පිලිබදව හැදෑරීම් සිදු කරනවා. පොත් කියවනවා, ප්‍රවීණයන් ආශ්‍රය කරනවා. ඒ වගේම ක්ෂේත්‍රයේ රැඳෙමින් පුරුදු පුහුණු කරමින් වැඩ කටයුතු කරගෙන යනවා.

ඒ වගේම ඇය සදහන් කල ආකාරයට ඇගේ ප්‍රධාන වෘත්තීය රංගනය බවත් ඇය සදහන් කලා. බොහෝ රංගන ශිල්පීන් තමන්ගේ ප්‍රසිද්ධිය උදෙසා විවිධාකාර ඩාන්සින් කවර්ස් කරනවා. ඒවගේම පොටෝ ශූට් කරනවා. නමුත් ගීත්මා පවසන්නේ ඇගේ විෂය රංගනය නිසා ඇය කැමති නෑ වෙන විෂයන් ඔස්සේ ප්‍රේක්ෂකයින් තුලට යන්න. ඇය හිතන්නේ තමන්ගේ අනන්‍යතාවය රැකගෙන ඉන්න ඕන කියලා.

ඇය චරිත තෝරා ගැනීමේදී විශේෂයෙන් බලන දෙයක් කියලා ඇය කියන්නේ මේ චරිතය කරල සාමාන්‍ය සමාජය තුල ගැවසෙන්න පුලුවන්ද යන කාරණය අනිවාරෙන් බලනවා කියලා.එයට හේතුව ඇය මීට පෙර කල චරිතයක් නිසා ප්‍රේක්ෂකයින්ගෙන් බැනුම් අහන්න සිදු වුණ කියලා. ඒ නිසා කරන චරිතය පිළිබඳව මනා සැලකිල්ලක් දක්වනවා කියල කියනවා. මොන විදියට කොයි දේ දෙනව කිවුවත් මම නිරුවත් චරිත කරන්නෑ. නිරුවත් හෝ අඩ නිරුවත් චරිතයකට.

මගේ පෞද්ගලික ජීවිතයට හානිවන චරිතයක් නම් කරන්නෑ. අද ජනප්‍රිය චරිත බොහෝ දෙනෙක් කැමති ගොසිප් එකක් හදාගෙන හරි ජනප්‍රිය වෙන්න. නමුත් ගීත්මා කියන්නේ ඇයට එසේ ජනප්‍රිය වෙන්න ඕනෙ කමක් නෑ කියලා. ඉතින් ඒ වගේම විලාසිත ගැන ඇය දරන්නේ වෙනස්ම අදහසක්. ඇය හැම විලාසිතාවක්ම කරන්නේ නෑ කියන අතරම තමන්ට ගැලපෙන විදියේ විලාසිතාවන් කරන බවයි කියන්නේ.

ඉතින් ඇය කියන විදියට ඇයගේ අනාගත බලාපොරොත්තුව වන්නේ රංගන ක්ෂේත්‍රයේ මේ විදියටම නිවැරදි ලෙස රැදිල සිටීම. ඉතින් ගීත්මාගේ ඉදිරි කලා කටයුතු වගේම ඉදිරි අනාගතයට වගේම ජීවිතේ තිබෙන ප්‍රාර්ථනා එසේම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා එක් කරනවා.

GalleryGalleryGalleryGalleryGallery