ගයාත්‍රිට මම කතා කරලා ඇහුවා ටැටු එකක් කරමුද කියලා, එයා මාව හොයාගෙන ආවා-ටැටූ වලින් ගොඩ ගිය සුජී (PHOTOS)
අපේ රටේ මෙන්ම බොහෝ රටවල වයස් සීමාවක් නොමැතිව බොහෝ දෙනෙක් ආසා කරන කලාවක් තමයි ටැටූ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම අපේ රටේ තරුණ නළු නිළියන් අතරේ ටැටු කියන්නේ මේ දිනවල ජනප්‍රිය විලාසිතාවක් කිවුවොත් හරියටම හරි.
ඉතින් මේ කවුරුත් ආස කරන ටැටු කලාවේ වසර විස්සකට වඩා දෙස් විදෙස් අත්දැකීම් ඇති ටැටු පන්දහසකට වඩා සිත්තම් කර ඇති අපූරු දක්ෂ පුද්ගලයෙක් තමයි මීගමුව Swan Styles හි ඇන්ටන් සුජී කියලා කියන්නේ. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් සමඟ එකතු වෙලා කතා බහ කරලා තිබුණා.
ඔහු පොඩි කාලේ ඉඳලම පේන්ටින්වලට හුඟාක් කැමති කෙනෙක්ලු. ස්වීඩන් ඉඳලා ආපු ඩොමිනික් සිරිල් කියන ආර්ටිස් තමා ඔහුගේ පේන්ටින් දැකලා ටැටු කලාවටඔහුගේ හිත යොදවලා තියෙන්නේ. ඊට පස්සේ තායිලන්තය, වියට්නාමය, ඩුබායි වගේ රටවල අවුරුදු 15ක් ටැටු ශිල්පියෙක් හැටියට වැඩ කරලා තමයි ඔහු ලංකාවට එන්නේ.
විශේෂයෙන්ම ලෝකයේ ජාතීන් 160කට වඩා ඉන්න ඩුබායි රටේදී ඔහුගේ ටැටු කලාව වැඩි වශයෙන් පෝෂණය වුණා කියලා තමයි ඔහුනම් කියන්නේ. ඉතින් ඒ වගේම ටැටු කියන්නේ ලෝකයේ ජනප්‍රිය තාරකාවල අනන්‍යතාව පෙන්වන එක් අංගයක් කියලත් ඔහු පවසනවා. ඉතින් ඒ වගේම බය නැතුව ඕනම කෙනෙක්ට අද ටැටු එකක් කරන්න පුළුවන් කියලත් ඔහු කියනවා.
මොකද අද තියෙන තාක්ෂණය එක්ක ඔබ ඒ ටැටු එකට අකමැති නම් මකලා දාන්න පුළුවන් නිසා. ටැටු එකක් නියම සෞඛ්යාරක්ෂිත ආකාරයට ගැහුවොත් ශරීරයට අහිතකර නැහැලු. සමහරු කියනවා ටැටුවල වර්ණ නිසා ශරීරයට හානි වෙනවා, කැන්සර් පවා හැදෙන්න පුළුවන් කියලා. නමුත් ලෝකයේ ටැටු කරන විදිහ දැක්කාම එය මිථ්‍යාවක් බව ඔප්පු වෙලා තියෙනවා කියලත් ඔහු පවසනවා. ඒ වගේම ටැටු එකක් කරනකොට වේදනාවක් දැනෙනවා කියනවානේ.
නමුත් ඒක ටැටු එක කරන කෙනා අනුව වෙනස් වෙනවාලු. මොකද ටැටු එක ගැන උන්මාදයෙන් ඉන්න කෙනාට වේදනාවක් දැනෙන්නේ නැහැලු. සමහර අයගේ ටැටු දවස් හතරක් විතර කරනවාලු. දවසට පැය තුන හතර ගානේ දවස් හතරක් පුරා ටැටු ගැහුවත් රිදෙන්නේ නැති අය ඉන්නවාලු. වේදනාව කියන එක ටැටු එක ගහන කෙනාගේ මානසිකත්වය අනුව තමයි තීරණය වෙන්නේ කියලා තමයි ඔහුනම් කියන්නේ. ඒ වගේම දැන් වේදනාව අඩුකර ගන්න ක්‍රම පවා තියෙනවාලු. කාන්තාවන් හා පිරිමි යන දෙපාර්ශ්වයේම අද ටැටු විලාසිතා කරනවා. කාලෙන් කාලෙට ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවා.
ජ්‍යාමිතික රූප සම්බන්ධ ක්‍රමයට නිර්මාණය කරන ටැටුවලට තමයි මේ දිනවල වැඩිම ඉල්ලුමක් තියෙන්නේ කියලා තමයි ඔහු පවසන්නේ. ඒ වගේම ටැටු එක ගහන තැන ඒ කෙනාගෙ කැමැත්ත අනුව තීරණය වෙනවා. ඒ වගේම තරාතිරමක් නැතිව සෑම ක්ෂේත්රයකම අය අද ටැටු එකක් ගහන්න උනන්දු වෙනවාලු. අවුරුදු 20-40 අය අතර තමා වැඩිම කැමැත්ත තියෙන්නේ කියලා තමයි ඔහු කියන්නේ. ගුවන් සේවාවල වැඩ කරන අය, වෛද්‍යවරු ඇතුළු පිළිගත් රැකියා කරන අය අතරත් ටැටු ජනප්‍රිය විලාසිතාවක් බවට පත්වෙලා තියෙනවා.
ටැටුවලට ගැළපෙන ආකාරයට හිසකෙස් සකස් කිරීමද බෙහෝ දෙනා අතර විලාසිතාවක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ගයාත්‍රි ඩයස් කියන්නේ තරුණ නොවුණත් තාමත් ලස්සනට ඉන්න කැමති කාන්තාවක්. ගයාත්රිත් ටැටුවලට කැමති චරිතයක්. ගයාත්‍රිව සුජීට මුණගැහෙන්නේ හරිම අපූරු විදිහට. ඉතින් ඒ ගැන ඔහු පවසලා තිබුනේ මෙන්න මේ විදිහටයි. ගයාත්‍රි ඩයස්ව මම හඳුනන්නේ නැහැ.
අන්තර්ජාලය ඔස්සේ තමයි මම ඇයට ටැටු එකක් කරමු කියලා ආරාධනා කලේ. ඇය මගේ ආරාධනාව පිළි අරගෙන මගේ ළඟට ආවා. එයාගේ අතට තමයි මම සිම්පල් ටැටු එකක් කළේ. ඊට පස්සේ මයික්‍රෝ බොඩින් කියන අයිබ්රෝස්වලට ගහපු ටැටු එකක් ගැහුවා. ඇය වයසින් තාරුණ්‍යය ඉක්මවා ගියත් යෞවනියන්ට වඩා කෙළිලොල් බවක් විදහාපාන චරිතයක්.
මම හිතන්නේ ඇයට නිර්මාණය කළ ටැටු ගැනත් පසුගිය දවස්වල මාධ්‍ය තුළ කතාබහක් ගොඩනැගුණා කියලයි ඔහු පවසන්නේ.
ඉතින් ඒ වගේම මේ දක්ෂ ටැටූ ශිල්පියා අපේ රටේ ජනප්‍රිය කළා තරු වන ෂේන් සිං, ජින්ජර් වැනි කළා ක්ෂේත්රය හා සම්බන්ධ බොහෝ දෙනෙකුගේ ටැටූ ගහලා තියෙනවා. ඉතින් මේ දක්ෂ ටැටූ ශිල්පියාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු