දරු තිදෙනා තනිකර සංසාර ගමන එකටම ගිය දිසාපාමොක් යුවළ
පසුගිය 18 වැනිදා මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරින් කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයන්ත ගුනේන්ද්‍ර මහතා මිය යෑමේ උණුසුම මැකී යෑමටත් මත්තෙන් ඔහුගේ ප්‍රිය බිරිඳ ද ඊයේ (26දා) උදේ මියයෑමේ ශෝකජනක පුවත හද සසල කරවන සියලු දෙනා කතා බහට ලක්වන පුවතක් ලෙස වාර්තා විය.
අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඈ මරුවා සමඟ දැඩි සටනක නිරත වුවත් ඇයට ජීවත් වන්නට වාසනාව උරුම නොවිය.
මෙලෙස අවාසනාවන්ත අන්දමින් මිය ගිය ඇයද විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියකි. 1983 වර්ෂයේ උපත ලැබූ ඇය නමින් සතීෂා නිලන්ති නමැති ඇය 42 හැවිරිදි තුන් නිවුන් දරු මාතාවකි. ඇය ගෝතමී බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවක ද වූවාය.
අනතුරින් තුවාල ලැබූ ඇයගේ තුන් නිවුන් දරුවෝ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට සුවය ලබා පිටව ගොස් ඇති බවයි වාර්තා වෙයි.
මේ අතර සතීෂා නිලන්තිගේ මරණ පරීක්ෂණය ඊයේ (26දා) කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අශ්රෆ් රූමි හමුවේ පැවැත්වූ අතර එහිදී මියගිය සතීෂා මහත්මියගේ ඥාති සොයුරෙකු ඇය වෙනුවෙන් සාක්ෂි ලබා දී ඇති බව සඳහන් වේ.
