චතුරිකා පීරිස් එක්ක ජීවත් වෙන ගයාන් හදිසියේ පරණ පවුල ගැන කියූ කතාව ( PHOTOS)

Gossip Gayan chathurik gayan wikrama thilaks Divoced
By Sithumi Jan 31, 2022 06:26 PM GMT
Sithumi

Sithumi

Report
160 Shares

ගයාන් වික්‍රමතිලක කියන්නේ අපේ රටේ ඉන්න පෙරළිකාර ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙක් කිව්වොත් මා නිවැරදියි. ඔහුට ලැබෙන ඕනෑම චරිතයක් කිසිදු පැකිලීමකින් තොරව ඔහුගේ උපරිම ශක්තිය යොදවා ඉතාමත්ම සාධාරණත්වයක් ඉටු කිරීමට ඔහුට ඇත්තේ පුදුමාකාර හැකියාවක්..

ඒ නිසාම වෙන්න ඇති ඔහු කලා ක්ෂේත්‍රය තුළ නැතිවම බැරි චරිතයක් වී ඇත්තේ. ඔහු රංගනයෙන් දායක වූ සියලුම සිනමා නිර්මාණ මෙන්ම ටෙලි නිර්මාණත් රසිකයා ඉතාමත්ම ඕනෑකමින් වැළඳ ගත්තා. ඒ වගේම තමයි ඔහුගේ කඩවසම් රුවට බොහෝ තරුණියන් තවමත් පෙම් බඳින බව නම් නොරහසක්.

මේ වන විට ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන චතුරිකා පිරිස් සමග දෙවන වරට යුග දිවියට එළැඹී සිටින ගයාන් ඉතාමත් සාර්ථක විවාහ දිවියක් ගත කරනු ලබනවා. ඔවුන්ගේ දෙදෙනාට ආරාධනා නමින් ආදරණීය සුරතල් දියණියක් සිටින අතර ඇයගේ වීඩියෝස් නිරන්තරයෙන්ම අපට සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට පුලුවන් වෙනවා. මෙය චතුරිකා පිරිස්ගේත් දෙවන විවාහයයි. ඇය පළමු වරට විවාහ වන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පියෙකු වන රොෂාන් පිලපිටිය සමඟයි.

මේ වන විට රොෂාන් ද දෙවන වරට විවාහ වී ඉතාමත්ම සාර්ථක ආදර්ශමත් යුග දිවියක් ගත කරනු ලබනවා. ගයාන් පළමු වරට විවාහ වන්නේ මුස්ලිම් තරුණියක් වන ෆර්ෂිනා ලතීෆ් සමඟයි. ඔවුන් දෙදෙනාට ආදරණීය පුතුන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් අතර ඇතිවූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එම විවාහයට සමුදීම ට ඔවුන්ට සිදුවුණා. ඉතින් පසුගිය දිනකදී ගයාන් හරි අපූරු ප්‍රකාශයක් කරලා තිබුණා.

“මම නීතිය හරහා පුතුන් දෙදෙනාට කළ යුතු හැම යුතුකමක්ම ඉටු කරනවා. විවාහයක ඉන්න බැරිනම් එතනින් ඉවත් වෙන්න ඕනේ. එතකොට එයා පව් දරුවෝ තනි වෙයි කියලා හිතලා එහෙමම හිටියොත් වෙන්නේ ප්‍රශ්න තවත් වැඩි වෙන එක විතරයි. එහෙම හැඟීම්බර වෙලා තීරණ ගන්න අමාරුයි. 

පුතාලා දෙන්නට නංගිව බලන්න එන්න කිව්වත් එයාලගේ වැඩි කැමැත්තක් නැහැ එන්න. සමහරවිට එයාලා ඉන්න වටපිටාවත් එක්ක වෙන්නැති එහෙම කරන්නේ. මම කැමතියි තාත්තෙක් විදිහට දරුවෝ තුන් දෙනාම එකට ඉන්නවා බලන්න.

“ කියලා තමයි ඔහු පවසා තිබුණේ. ඔවුන්ගේ ජීවිත තුළ වූ ගැටලුකාරී තත්ත්වයන් කුමක් වුවත් ගයාන් කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් ඔහුගේ සියලුම පැතුම් ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha