ගැස්ට්‍රයිටිස් ගැන භයානක හෙළිදරව්වක්

Report

සෑම හතරදෙනෙකුගෙන් එක් අයෙකුම ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්ත රෝගයෙන් පෙලෙන බව විශේෂඥ වෛද්‍ය ධනුෂි අබේනායක මහත්මිය සදහන් කර තිබේ .

වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ රෝගය සරලව පාලනය කළ හැකි වුව ද ඒ පිළිබඳ අවධානය යොමු නොකිරීමෙන් තත්ත්වය බරපතළ විය හැකි බවයි.

  ගැස්ට්‍රයිටිස් (Gastritis) වත්මන් සමාජයේ බහුලව පවත්නා ගැටළුවක් වන අතර, ‘ගෑස්ටික්’, ‘ගෑස්’, සහ ‘බඩේ ගෑස්’ වැනි නම් වලින් ද ඇතැම් අය අතර ප්‍රචලිතව ඇත.

සුරේෂ් සලේ අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට

සුරේෂ් සලේ අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට

ගැස්ට්‍රයිටිස් යනු ආමාශයේ ආස්තරණය හෙවත් ආමාශ බිත්තියෙහි ඇතුළු පැත්තෙහි ඇතිවන ප්‍රදාහයක් (Inflammation) වේ. ගැස්ට්‍රයිටිස් තත්ත්වය කෙටි කාලයක් තුළදී මතුවිය හැකි අතර (කෙටිකාලීන ගැස්ට්‍රයිටිස්/Acute gastritis), දිගුකාලයක් තිස්සේ සෙමින්ද මතුවේ.

දිගුකාලීන ගැස්ට්‍රයිටිස්/Chronic gastritis). ඔබට පාලනයකින් තොරව ගැස්ට්‍රයිටිස් අමාරුව ඇත්නම්, ආමාශයේ තුවාල සහ ආමාශයේ පිළිකා ඇතිවීමට ඇති අවදානම වැඩිව තිබේ .

ප්‍රවේසම් වෙන්න - ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රවේසම් වෙන්න - ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

එහෙත් මෙම් ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඖෂධ සහ ජීවන රටාවේ ඇතිකරගන්නා වෙනස්කම් මගින් සුවකරගත හැකිය.