ලිට්‍රෝ ගෑස් ගැන සමාගමෙන් අති විශේෂ දැනුම්දීමක් - මේ මාසය අවසන් වීමට පෙර
අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්‍රමාණවත් පරිදි තොග පවතින බවටත් ලිට්‍රෝ සමාගම දැනුම් දෙයි.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙසට එම සමාගම ඉල්ලා සිටියි. එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ ලිට්‍රෝ ගෑස් සඳහා වෙළඳපොළ ඉල්ලුමේ අනපේක්ෂිත වැඩිවීම හේතුවෙන් ගෑස් සැපයුමට යම් බාධාවක් ඇති වූ බවයි.
එසේ වුවත් පෙබරවාරි 17 සහ 18 යන දිනවල දැනටමත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කර ඇති බව ද සඳහන්.
ඒ අනුව අද (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 351,000 ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ද ලිට්‍රෝ ගෑස් සමාගම දන්වා ඇත.
එබැවින් සමාගම අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග මේ වනවිටත් ඇණවුම් කර ඇති බවත් සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම වෙනුවෙන් මෙම මාසය අවසන් වීමට පෙර ගෑස් නැව් තුනක් මෙරටට පැමිණීමට නියමිත බවත් ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් අඳාළ නිවේදනයෙන් දැනුම් දී ඇත.