ගෑස් පෝලිමට විසදුමක්.. ඉදිරියේදි වෙන දේ මෙන්න..

srilanka price Gas
By Sithumi Apr 09, 2022 02:01 PM GMT
Sithumi

Sithumi

Report

ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගත් නෞකාවක් මාලදිවයිනේ සිට දිවයිනට ළගා වී තිබෙනවා.

ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු අද රාත්‍රී 7 ට පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

සමාගමේ නිෂ්පාදන කටයුතු අඛන්ඩව සිදුකෙරෙන අතර, මේ වනවිට දිනකට ගෑස් සිලින්ඩර එක්ලක්ෂ 10,000 ක් පමණ වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට තවදුරටත් ගෑස් පෝලිම් පවතිනවා.

මේ අතර හෙට දිනයේ දිවයින පුරා විදුලිය කප්පාදු කෙරෙන්නේ පැයක කාලයක් පමණක් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා. එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ 06 ත් රාත්‍රී 10ත් අතර කාලයේදී දිවයින පුරා ප්‍රදේශ වලට කලාප වශයෙන් මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇති බවයි.

බලාගාර වලට ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් දිවයින පුරා සිදු කරන පැය 2ක විදුලි කප්පාදුව අදත් ක්‍රියාත්මකයි. මේ අතර ඉන්ධන හිඟය හේතුවෙන් පිරවුම්හල් ඉදිරිපිට දක්නට ලැබෙන පෝලිම් තත්ත්වය ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් වනූ ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සඳහන් කළා.

කෙසේ වෙතත් පිරවුම් හල් රැසක මේ වන විටි ඩීසල්, භූමිතෙල් මෙන්ම, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ද නොමැති තත්වයක් පවතින බවට ජනතාව චෝදනා කරනවා. ඒ අනුව දිවයින පුරා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම් හල්වල අදත් දිගු පෝලිම් පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. 

 එමෙන්ම පානදුර - වෑකඩ සහ ඌවපරණගම - අඹගස්දෝව ඇතුලු ඉන්ධන පිරවුම්හල් කිහිපයක ඉන්ධන හල් සේවකයන් සහ ජනතාව අතර නොසන්සුන්තාවයන් ඇති වුණා. ඒ බූලි වලට ඉන්ධන ලබා නොදීම, ඉන්ධන නිකුත් කිරීම ප්‍රමාද කිරීම ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්.