මවගේ ව්‍යාපාරය බන්කොළොත් කිරීමට පුතා කළ කැත වැඩේ..

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jun 05, 2023 12:07 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (04) වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේදී සිය මවගේ ව්‍යාපාරයට අයත් ගෑස් සිලින්ඩර 648ක් සහිත ලොරි රථයක් සොරාගත් පුතාව සැකපිට අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.

ඔහුගේ මව නිවසේ නොමැති අවස්ථාවක 36 හැවිරිදි සැකකරු එම සොරකම සිදුකර තිබුණි. අදාළ කාන්තාව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී ඇයගේ වැඩිමහල් පුත්‍රයා වූ සැකකරු හා ගෑස් සිලින්ඩර සහිත ලොරි රථය පොලිස් භාරයට ගෙන ඇත.

පොලීසිය සදහන් කළේ, කොල්ලකෑ ලොරි රථය සහ ගෑස් සිලින්ඩර තොගය සැකකරුගේ නිවසේ සඟවා තිබූ බවය. පියා මියගිය පසු දේපළ බෙදාගැනීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම කොල්ලය සිදුකොට ඇති බවට විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

සැකකරු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


ReeCha