තැන තැන ඇහුන දුක හිතෙන ගෑස් අදෝනාවන්.. ප්‍රදේශ රැසක් උණුසුම් වුනේ මෙහෙමයි.. (VIDEO)

By krishani May 15, 2022 01:37 AM GMT
Report

ගෑස් ඉල්ලා ලංකාවේ ප්‍රදේශ රැසක ඊයේ(14) ජනතාව වීදි බැස සිය විරෝධතා එල්ල කළහ.මේ හේතුවෙන් වාහන ගමනාගමනයට ද දැඩි බාධාවන් එල්ල වූ බව ගගන අප වාර්තාකරු පැවසුවේ ය.

වීදි බැසි ජනතාව හිස් වූ සිය ගෑස් සිලින්ඩර ඉහළට ඔසවමින් තමන් හට කඩිනමින් ගෑස් සැපයීම සිදු කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටියේ ය.

මට්ටක්කුලිය - කදිරාන පාලම ආසන්නයේ ගෑස් ඉල්ලා විරෝධතාවක් පැවැත්විණී.ඒ හේතුවෙන් මට්ටක්කුලිය සිට වත්තලට ගමන් කරන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබිණී.

තව ද හයිලෙවල් මාර්ගයේ නාවින්න,කොළඹ කොටුව..යන ප්‍රදේශයන් තුළ ද විරෝධතාවයන් එලෙස පැවැත්විණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join