'දිට්වා' සුළි කුණාටු කාරක සභා වාර්තාවට දෙසැම්බර් 19 දක්වා කාලය දීර්ඝ කෙරෙයි
දිට්වා' සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාල සීමාව එළැඹෙන දෙසැම්බර් 19 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව පාර්ලිමේන්තුව මෙම පියවර ගෙන ඇත.
2026 ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි, කාරක සභාව විසින් නිරීක්ෂණය කරන ලද කරුණු සහ ඒ පිළිබඳ නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව මෙලෙස කාලය දීර්ඝ කර දී තිබේ.