ගෑස් විශාල ගණනකින් යළි ඉහළ යයි..හෙට සිට වෙන දේ මෙන්න..

Report

නව වැට් බදු සංශෝධන සමඟින් ජනවාරි මස පලමුවෙනිදා සිට එනම් හෙට(01) සිට ගෑස් මිල ඉහ යාමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

ඒ ගෑස් සඳහා වැට් බද්ද අලුතින් එකතු වීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

නමුත් ගෑස් සඳහා මෙතෙක් අය කළ වරාය හා ගුවන් සේවා බද්ධ 2.5%ක ප්‍රමාණය ඉවත් කර ඇත.

ඒ අනුව 15.5කින් ගෑස් මිල ඉහළ නැගීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ

ගෑස් විශාල ගණනකින් යළි ඉහළ යයි..හෙට සිට වෙන දේ මෙන්න.. | Gas Price More

නව බදු ප්‍රතිශතය එකතු වීමත් සමග ලිත්රෝ ගෑස් සමාගමේ කිලෝ ග්‍රෑම් දොළහමාරක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 500ක පමණ මිලකින් ඉහළ යාමට නියමිතව ඇත.

මේ වන විට එම ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 3565ක මිලකටය.

ඒ අනුව, මෙම බදු එකතුවීමත් සමග නව ගෑස් සිලින්ඩරයක් රුපියල් 4000 ඉක්මවනු ඇති බවයි වාර්තා වන්නේ.