විදේශ ඇමති විජිත හේරත් හා ඉන්දුනීසියානු විදේශ කටයුතු නි. ඇමති අතර හමුවක් - හේතුව මෙන්න
අද දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ඉන්දුනීසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Muhammad Anis Matta මහතා අතර හමුවක් පැවතුනි.
එම හමුවේදී ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර දේශපාලනික, ආර්ථික, සංස්කෘතික සහ අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බව වාර්තා වේ.
එසේම එහිදී ඉන්දුනීසියාව සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් කැපවී සිටින බවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසා ඇති බව සඳහන්.