සාකච්ඡා සඳහා ඉරාන විදේශ අමාත්‍යවරයා අද පාකිස්තානයට?
ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාව සමනය කිරීමේ අරමුණින් පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡා සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි මහතා අද (24) පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණීමට නියමිත බව මැදපෙරදිග මාධ්‍ය වාර්තා කරයි.
මෙම සාකච්ඡා සඳහා පාකිස්තානය ප්‍රධාන මැදිහත්කරු ලෙස කටයුතු කරන අතර, අදාළ සාකච්ඡා අද (සිකුරාදා) ආරම්භ කරන බව පාකිස්තානය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත්, "අල් අරාබියා" පුවත් සේවයට අනුව මෙම සාකච්ඡා මෙම සති අන්තය පුරා පැවැත්වීමට මේ වන විට අවධානය යොමුව ඇති බව ද සඳහන් වේ.
කලාපීය සාමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දෙරට අතර එකඟතාවක් ඇති කරගැනීම මෙම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමේ මූලික අරමුණ වී තිබේ.