ගෑස් මිල යළි 640කින් ඉහළ නගී..?ලිත්‍රො සභාපතිගෙන් දැනුම්දීමක්..

Litro Gas Liquefied Petroleum Gas Litro Gas Price
By Aruna Dec 14, 2023 06:23 AM GMT
Aruna

Aruna

Report

එළඹෙන ජනවාරි මාසයේ සිට ගෑස් මිල සැලකිය ලෙස ඉහළ යනු ඇති බව ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කර සිටිනවා.

එම සමාගම කියා සිටියේ, 2024 ජනවාරි මාසයේ සිට වැට් බද්ද 18%ක් ගෑස් සඳහා එක්වීමෙන් මෙසේ මිල වන බවයි.

බදු ඉහළ දැමීමත් සමග අකමැත්තෙන් වුවද මෙම තීරණය ගන්නා බවයි, එම සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා කියා සිටියේ.

ඒ අනුව, දැනට රුපියල් 3565ක් වන කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් 18%කින් එනම් රුපියල් 640කින් පමණ ඉහල යනු ඇත.

මේ අතර, ලිත්‍රො ගෑස් සමාගම වසා දැමීමට රජය සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා සඳහන් සඳහන් කර සිටිනවා.

මෙට්‍රික් ටොන් අටදහසක ගබඩා ධාරිතාවක් සහිත සිලින්ඩර් අසූ ලක්ෂයක පමණ බෙදා හැරීමක්ද සහිත එම සමාගම බිලියන හතර හමාරක ලාභයක් උපයමින් ඇති බවද හෙතෙම පෙන්වා දෙනවා.

මේ ආකාරයට රාජ්‍ය අංශයේ වටිනාම ආයතන වසා දමා පෞද්ගලික ව්‍යාපාරිකයන්ට ලබා දීමට රජය සියලු සැලසුම් සකස් කර ඇති බවයි හෙතෙම වැඩි දුරටත් කියා සිටියේ.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අවසන් දින විවාදය අමතමිනි.

ReeCha