ගෑස් මිල සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්..මෙම මාසයේ මිල ගණන් වලට සිදු වූ දේ..
By Aruna
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල ගණන් මාසික මිල සූත්‍රය මත පදනම්ව මාර්තු මාසයේදී සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද නිවේදනය කළා.
පෙබරවාරි මාසයේදීද මිල සංශෝධනයක් සිදු නොවූ අතර, මහජනතාව මුහුණ දෙන මූල්‍ය දුෂ්කරතා සලකා බලා මෙම තීරණය ගත් බවයි සමාගම පවසන්නේ.
ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද මිල ඉහළ දැමීමෙන් පසුව, ලිට්‍රෝ ගෑස් මිල දැන් පහත මිල ගණන් යටතේ පවතී:
12.5kg සිලින්ඩරය - රු. 4,250 කි 5kg
සිලින්ඩරයක් - රු. 1,707 2.3 kg සිලින්ඩරයක් - රු. 795
දිවයිනේ අනෙකුත් ප්‍රධාන ද්‍රව පෙට්‍රෝලියම් (LP) ගෑස් සැපයුම්කරු වන ලාෆ්ස් ගෑස් පීඑල්සී, මාර්තු මාසය සඳහා වන මිල සංශෝධනය පිළිබඳ සිය තීරණය තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.