ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් දුන් අලුත්ම තීරණය මෙන්න..

Sri Lanka Litro Gas
By Aruna Mar 05, 2023 03:54 AM GMT
Aruna

Aruna

Report

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ගණන් වැඩි වුව ද අද දිනයේ දී ගෑස් මිල ගණන් කිසිදු අයුරකින් ඉහළ දැමීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරනවා.

එහි සභාපති මුද්‍රිත පීරිස් මහතා නිවේදනයක් නිකුත් කර කියා සිටියේ, ඩොලරයේ අගය මත රුපියල ශක්තිමත් වුව ද ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

ඒ අනුව මේ වන තෙක් පැවති ගෑස් සිලින්ඩරවල සාමාන්‍ය මිල ගණන් මට්ටම එලෙසම රඳා පවතිනු ඇති බව ද එම නිවේදනයේ සඳහන්වේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now