ගෑස් සම්බන්ධයෙන් දැන් ලැබුණ සුබ ආරංචිය මෙන්න.

Litro Gas Gastric Problem Litro Gas Price
By Aruna Apr 26, 2022 01:50 AM GMT
Aruna

Aruna

Report

ලිට්‍රෝ සමාගම දිවයිනට පැමිණි ගෑස් තොගයෙන් මෙට්‍රික් ටොන් 3,600ක ගෑස් ගොඩබෑම ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

මේ අනුව ගෑස් බෙදා හැරීම හෙට (27) ආරම්භ කරන බව යි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත විදේශ මුදල් සංචිත හිඟතාව හේතුවෙන් මෙරටට ඇති වූ අර්බුද අතර ගෑස් අර්බුදය පවතින්නේ උච්චතම ස්ථානයක යි.

වරින් වර එම අර්බුදය නැවත නැවතත් හිස ඔසවන අතර, අඛණ්ඩ ව ගෑස් සැපයීම පිළිබඳ රජය හෝ ගෑස් සමාගම් කෙරෙහි පළ කළ හැකි විශ්වාසයක් මහජනතාව තුළ මෙතෙක් ඇති වී නෑ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now