ගෑස් කාන්දුවී ගින්නකට මැදිවූ දෙදරු මව බරපතළ පිළිස්සුම් තුවාල ලබයි

By Sithumi Nov 30, 2021 12:01 PM GMT
Sithumi

Sithumi

Report

ගෘහස්ථ ගෑස් කාන්දුවකින් ඇතිවූ විශාල ගින්නකට මැදිවී බරපතළ තුවාල ලැබූ කාන්තාවක් පිළිබඳව කඩවත ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඇය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයේ දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. 

 අනතුර සිදුවී තිබුණේ ඇය පෑලියගොඩ පොලීසිය ආසන්නයේ පවත්වාගෙන ගිය ආපන ශාලාවේදීය. දෙදරු පියෙකු වන මිලින්ද ප්‍රේමරත්න නම් ඇයගේ සැමියා කියා සිටියේ ගෑස් ලිප ක්‍රියාත්මක කිරීම සඳහා ගිනිකූරක් පත්තුකරනවාත් සමග විශාල ගින්නක් ඇතිවී බිරිඳ බරපතළ ලෙස පිළිස්සීමට ලක්වූ බවය. 

 "කොවිඩ් වසංගතයෙන් පස්සේ අපේ ව්‍යාපාර කඩා වැටුණා. ඒ නිසා පෑලියගොඩ පොඩි ආපනශාලාවක් පවත්වාගෙන ගියා. පසුගිය ඔක්තෝබර් 06 වනදා බිරිඳ එකවරම දුරකථනයෙන් කතා කරලා අනේ මිලින්ද මාව ගිනිගත්තා කියලා කිව්වා." "විනාඩි 10කින් මම එතනට ගියා. බිරිඳ පිච්චිලා හිටියා. මුහුණෙ පැත්තක් සහ අත පය පිච්චිලා තිබුණා. කඩේ හිටපු අය පැනලා දුවලා ගිහින් තිබුණා.

පොඩි දරුවෝ දෙන්නෙක් හිටපු නිසා බිරිඳ ගෑස් ලිපත් නිවාගෙන එතනම පුටුවක වාඩිවෙලා හිටියා." "බිරිඳ දැනට කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයේ ප්‍රතිකාර ලබනවා. මගේ බිරිඳ අවුරුදු 30ක් විතර ගෑස්වලින් ආහාර පිසින කටයුතු කරනවා. කිසිම දවසක මේ වගේ දෙයක් සිදුවෙලා නෑ. ගෑස් ප්‍රමිතිය ගැන මට ගැන බරපතළ සැකයක් තියෙනවා.

ඒ නිසා මම පෑලියගොඩ පොලීසියේ පැමිණිල්ලක් දැම්මා. මම එතනින් නවතින්නේ නෑ. මගේ බිරිඳව යථා තත්ත්වයට ගන්න කවදාවත් බෑ. ඒ වේදනාව මට හැමදාම තියෙයි. මට අවශ්‍ය වෙන්නේ හෙට දවසේ මේ රටේ දුවෙකුට ඒක නොවෙන්න කටයුතු කරන්න." මං මේ ගැන මානව හිමිකම් කොමිසමට සහ පාරිභෝගික කටයුතු අධිකාරියටත් පැමිණිලි කළා." 

ගෑස් එකට ගිනිකූර ගහනවාත් සමගම සම්පූර්ණ ඒ පැත්තම ගිනි අරගෙන තිබෙනවා. මාසෙකට කලින් ගත්ත රෙගියුලේටරයක් තිබුණේ. අලුත්ම බටයක් තිබුණේ. ගෑස් හිඟයත් එක්ක අධික මිලක් ගෙවලා තමයි මම මේ ගෑස් සිලින්ඩරය ගත්තේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now