තවත් ප්‍රදේශයක පිපිරීමකින් දෙදෙනකු රෝහලට
නයිනමඩම ප්‍රදේශයේ පවත්වා ගෙන යන වායු සමීකරණ වැඩපළක ඇති වූ පිපිරීමකින් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මීගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.
වයස අවුරුදු 40 ක සහ 24 ක් වන දෙදෙනකු මෙම පිපිරීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා එම අවස්ථාවේදීම රෝහල් ගත තිබේ.
මෙම පිපිරීම 30 වැනිදා සවස 4.30 ට පමණ සිදුවී ඇත.රෝහල් ගත කල අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
රථ වාහන සදහා යොදා ගන්නා වායු සමීකරණ යන්ත්‍ර අළුත්වැඩියා කිරීමේ ස්ථානයේ මෙම පිපිරීම සිදුවී ඇති අතර , තුවාල ලබා ඇති දෙදෙනා මෙම ස්ථානයේ සේවය කරමින් සිටියදී මෙම පිපිරීම සිදුවී තිබේ.
පුපුරා ගොස් ඇත්තේ වායු සමීකරණ කටයුතු සදහා යොදා ගන්නා අඩි 05 ක් පමණ උසකින් යුක්ත නයිට්‍රජන් අඩංගු ටැංකියකට සවි කර තිබූ බටයක් බවයි පොලීසිය සිදු ක මූලික පරීක්ෂණ වලදී අණාවර්ණය වී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |