මෙරට ගෑස් පිපිරීම ගැන සරසවි පරීක්ෂණයකින් හෙළි වූ දේ

By Sithumi Nov 30, 2021 02:02 PM GMT
Sithumi

Sithumi

Report

ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් ගතයුතු මූලික පියවර පිළිබඳ විශේෂඥ නිරීක්ෂණ වාර්තාවක් මේ වනවිටත් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබාදී ඇති බව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා සඳහන් කළේය. 

 තවද උද්ගත වූ තත්ත්වයෙන් අනතුරුව දිවයිනේ ප්‍රදේශ 12කින් ලබාගත් ගෑස් සාම්පල 12ට අදාළ වාර්තාව මේ වනවිට සකස් කරමින් පවතින අතර, එය හෙට (01) දිනයේදී පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබාදීමට නියමිතය. 

 එම සාම්පල 12ට අදාළව ඒවායේ ගෑස් සංයුතිය පිළිබඳ සිය මතය ද ඇතුළත් වන පරිදි වාර්තාව ඉදිරිපත් කරන බව මහාචාර්යවරයා සඳහන් කළේය