රට වටා තවත් ප්‍රදේශ රැසකින් ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් (PHOTOS)

ari lanka Gas explosion
By Sithumi Dec 02, 2021 01:57 PM GMT
Sithumi

Sithumi

Report

වාද්දුව, එගොඩ මැලෑගම ප්‍රදේශයේ නිවසක අද (දෙසැ.02) දින ගෑස් උඳුනක පිපිරීමක් වාර්තා වී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි. අප වාර්තාකරු සඳහන් කළේ, විශාල පිපිරුම් හඬක් සමගින් ගෑස් උඳුන පුපුරා එයට මුළුමනින් ම හානි සිදු වී ඇති බව ය. එම නිවසේ කුඩා දරුවන් දෙදෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු සිට ඇති නමුත් පිපිරීමෙන් කිසිවෙකුට ත් තුවාල සිදුව නොමැති බව අප වාර්තාකරු පැවසී ය. අප වාර්තාකරු සඳහන් කළේ, පානදුර පොලිස් කොට්ඨාස අපරාධ නිරීක්ෂණ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර ඇති අතර වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ය.

මේ අතර, ගෑස් සිලින්ඩර්වලින් ගෑස් කාන්දුවීම හා ගෑස් උඳුන පුපුරා යාම් 2ක් කන්තලේ ප්‍රදේශයේ සිදුව තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ (දෙසැ.01) රාත්‍රියේ අග්බෝපුර යුනිට්-19 ප්‍රදේශයේ නිවසක ද මුළුතාන්ගෙයි තිබූ ගෑස් ලිප පුපුරා ගොස් ඇති අතර ඉන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැත.

කන්තලේ වෙන්ඩ්‍රාසන්පුර ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයෙහි තිබූ සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවීමක් නිසා සිලින්ඩරය නිවසින් පිටත තබා පොලිසියට දැනුම් දී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය. මෙම පිපිරීම් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අග්බෝපුර පොලිසිය විසින් සිදුකරනු ලබයි. මේ අතර, වව්නියාව ඊරට්ටපෙරියකුලම් පොලිස් වසමේ වෙහෙරගම ප්‍රදේශයේදී ඊයේ (දෙසැ.01) සවස ගෑස් උඳුනක් පුපුරා ගොස් ඇතැයි අප වාර්තාකරු පැවසීය.

අප වාර්තාකරු සඳහන් කළේ, වෙහෙරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙම අත්දැකීමට මුහුණ දී ඇති අතර තමන් ආහාර පිළියෙල කරමින් සිටියදී එක්වර ම ගෑස් උඳුන පුපුරා ගිය බව අදාළ කාන්තාව පැවසූ බව ය. ගෑස් උඳුන පුපුරා යාමට පෙර කිසියම් අමුත්තක් දැනීම හේතුවෙන් එතැනින් ඉවත් වූ බව ඇය සඳහන් කර ඇත. ඉන් ස්වල්ප වෙලාවකට පසු උඳුන පුපුරා ගොස් ඇති අතර ඒ සමග ම තමන් ගෑස් සිලින්ඩරයෙන් රෙගියුලේටරය ගලවා ඉවත් කර ඉරට්ටපෙරියකුලම් පොලිසියට දැනුම් දුන් බව එම කාන්තාව පවසා ඇත.

තව ද අකුරැස්ස මාරඹ ප්‍රදේශයේ පිහිටි වෛද්‍යවරයෙකුගේ නිවසේ තිබූ ගෑස් උඳුනක් ද ඊයේ (දෙසැ.01) දින පුපුරා ගොස් ඇත. අප වාර්තාකරු සඳහන් කළේ, දහවල් ආහාර පිස ගෑස් කුකරය ක්‍රියාවිරහිත කර තිබියදී මෙම පිපිරීම සිදුව ඇති අතර පිපිරීමෙන් ගෑස් කුකරයට හානි සිදුව ඇති බව ය. අප වාර්තාකරු සඳහන් කළේ, පිපිරීමෙන් නිවසේ දේපළවලට හෝ එහි පදිංචි කිසිවකුට ත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය පිළිබඳව අකුරැස්ස පොලිසියට දැනුම් දී ඇති බව ය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now

.

GalleryGalleryGallery