ගෑස් සිලින්ඩරයේ කැප් එකට සබන් පෙණ දමන්න එපා (VIDEO)

corona virus Ari lanka
By Sithumi Nov 29, 2021 02:10 PM GMT
Sithumi

Sithumi

Report

ගෑස් සිලින්ඩරයේ කැප් එක තුළට සබන් පෙණ දැමීමෙන් වළකින ලෙස ඉන්ධන සහ ගෑස් තාක්ෂණික උපදේශක උපාලි ජයසුන්දර මහතා පැවසීය. අද දෙරණ පුවත් වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව ප්‍රකාශ ප්‍රකාශ කළේය.

මෙලෙස ගෑස් සිලින්ඩරයේ කැප් එක ඉවත්කර එයට සබන් පෙණ දැමීම තුළින් එහි අභ්‍යන්තරයේ ඇති සීල්වලට හානි සිදුවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එහිදී වැඩිදුරටත් අදහස් පලකළ ඉන්ධන සහ ගෑස් තාක්ෂණික උපදේශක උපාලි ජයසුන්දර මහතා.

"ගෑස් සිලින්ඩරයක් කිසිදු විටකදී විවෘත කර තියන්න එපා. ගෑස් ඉවර වුණාම විතරයි ඒ කැප් එක ගලවලා තියන්න පුලුවන්. ඒ හැරුණාම කිසිදු විටකදී සිලින්ඩරයේ කැප් එක ගලවලා සබන් පෙණ දාලා චෙක් කරන්න යන්න එපා. 

සබන් පෙණ දැම්මොත් වෙන්නේ ඕකේ තියනවා සීල් වගයක්. ඒවා නරක් වෙන්න පුලුවන්. මගේ උපදේශය ඒක කරන්න එපා. යම් කෙනෙක් සබන් පෙණ දාලා චෙක් කරලා මේකෙ එහෙම ලීක් වෙනවානම් කරන්න තියෙන්නේ රෙගියුලේටර් එක සවි කරන එක. 

එයින් පසුවත් ඔබට දැනෙනවා නම් ගෑස් ලීක් වෙනවා කියලා ශබ්දයත් එක්ක, රෙගියුලේටරයට සවිකර තිබෙන තැනට සබන් පෙණ ගාලා චෙක් කරන්න පුලුවන්. නැත්නම් රෙගියුලේටර් එකේ හෝස් කැප් එක ලඟ චෙක් කරන්න පුලුවන්. තවත් ලීක් වෙනවා නම් කැප් එක ගහලා සිලින්ඩරය පැත්තකින් තියන්න තියෙන්නේ. ඒකයි කරන්න තියෙන්නේ."

"සිලින්ඩරයට කිසිදු විටකදී වතුර දාන්න යන්න එපා. සැකයක් තියනවා නම් පැත්තකින් අරන් තියන්න. අදාළ ආයතනයට කතා කරලා ඒ ගනුදෙණුව කරගන්න."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now