ගෑස් සහ සිමෙන්ති හිඟය විසදෙන හැටි මෙන්න..නව මිලත් තීරණය කෙරේ.
Sri Lanka
Business
Gas
Cimenthi
By Aruna
වෙළඳපොළේ පවතින ගෑස් හිඟය ඉදිරි දින කිහිපය තුළ අවසන් වනු ඇතැයි, පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේ, දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් පමණ වෙළඳපොළට මුදා හැරීමට අදාළ සමාගම් කටයුතු කරමින් ඇති බවයි.
මීට අමතරව, වෙළෙඳපොළේ සිමෙන්ති හිඟය ද, ඉදිරි සති දෙක තුළ අවසන් වනු ඇතැයි, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කලා.
ඔහු පැවසුවේ,හිඟය අවසන් වූ පසු රුපියල් 1,275 ක මිලකට සිමෙන්ති කොට්ටයක් මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙනු ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |