ගෑස් හිඟය අවසන්...සෙනසුරදා සිට වෙනදේ මෙන්න...1500කින් මිල ඉහළ යයි?..

Sri Lanka Business Gas Litro
By Aruna Mar 24, 2022 12:01 AM GMT
Aruna

Aruna

Report

මෙරටට මේ වනවිට ප්‍රමාණවත් ගෘහස්ත ගෑස් සංචිතයක් කෙරවලපිටිය පර්යන්තය සතුව පවතින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පැවසුවේ, ඉදිරි දින 10 ඇතුළත ගෘහස්ත ගෑස් සිලින්ඩරය මිලියනයක ප්‍රමාණයක් බෙදාහැරීම සිදුකෙරෙන බවයි.

මේ අතර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අවසන් වන තුරු ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම පෙරේදා(22) තීරණය කළා.

ලිට්‍රෝ ගෑස් සමාගම පසුගියදා පැවැත් වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 1500ක පමණ පාඩුවක් ලබන බව මෙහි දී සාකච්ඡා වී තිබේ.

එළැඹෙන සෙනසුරාදා (26) වන විට වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය අවසන් වන බවද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now