ඕස්ට්‍රේලියානු තරුණිය ධනුෂ්ක ගෙන් දෙයක් ඉල්ලයි.. ධනුෂ්ක බෑ කිව්වෙ ඇයට ආදරේ නිසාද?..
දැනට ඕස්ට්‍රේලියානු බන්ධනාගාර රැඳවුම් භාරයේ සිටින ශ‍්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට එල්ල වී ඇති ලිංගික අතවර චෝදනා සමථයකට පත්කර ගැනීම සඳහා අදාළ පැමිණිල්ල ගොනු කරන ලද තරුණිය විසින් ඕස්ට්‍රේලියානු ලක්ෂයක මුදලක් ඉල්ලා තිබෙන බවට වාර්තා වනවා.
නමුත් ධනුෂ්ක ගුණතිලක පාර්ශ්වය එකඟතාව පළ නොකිරීම මත එය මේ වන විට ඇමෙරිකන් ඩොලර් 25,000 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇතැයිද වාර්තාවෙයි.
එල්ල කර ඇති චෝදනා අධිකරණය හමුවේ අසත්‍ය චෝදනා යයි ඔප්පු කිරීමට හැකියාව ඇති බව ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායම කියයි.
මේ අතර ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධියත් සමඟ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පන්දු වාර විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා.
ඒ සඳහා ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක දසුන් ශානක, පුහුණුකරු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ඇතුලු ක්‍රිකට් ආයතන බලධාරීන් කැඳවා තිබූ අතර, ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන්, ඊයේ පෙරවරුවේ සිටම ප්‍රශ්න කිරීම් සිදු කළා.
අදාළ ප්‍රශ්න කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණ සිටි ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයින් විසින් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් සතුටු කිරීමට ගත් අදූරදර්ශී තීරණය හේතුවෙන් ක්‍රීඩකයන්ගේ අනාගතය විනාශ වූ බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |