පෙම්වතාව දණගස්සවා, පෙම්වතියට නරුමයන් පිරිසක් එක්ව සිදුකළ අහස පොළව නුහුළන අපරාධය..ඇඳිරි නීතිය අතරතුර මෙරටින් ඇසෙන ඇඟ කිළිපොලා යන කතාව
සීදුව ලියනගේමුල්ල සෙන් තෝමස් මාර්ගය අවසානයේ පිහිටි කළපු තීරයේ පෙම් බස් ෙදාඩමින් නිදහසේ සිටි යුවළක් වෙත පැමිණි තිදෙනෙක් පොලිස් පාට් දමා බිය ගන්නවා තරුණයාව දණගස්සවා තරුණියව සමූහ දූෂණයකට ලක්කර හෑන්ඩ් ෆෝන් දෙකත්, යතුරුපැදියත් රැගෙන පලාගොස් ඇති පුවතක් සීදුව පොලිසියෙන් අනාවරණය වේ.
සිද්ධිය සීදුව ඇත්තේ පසුගිය 25 වැනිදා පස්වරුවේදීය. මෙදින කටුනායක ප්රදේශයේ තරුණ පෙම්වතුන් දෙදෙනෙක් මෙම කනගාටුදායක සිද්ධියට මූණපා ඇත. මෙකී යුවළ පුරුදු පරිදි හවස් යාමයේ පුරුදු පරිදි සෙන් තෝමස් මාර්ගයේ අධිවේගී මාර්ගය යටින් කළපුව අයිනේ නිදහස් එළිමහන් තීරය වෙත තම ඩියෝ වර්ගයේ යතුරුපැදියෙන් ගොස් තිබේ.
ඔවුන් අධිවේගී මාර්ගය යටින් කළපුව දෙසට ඇති පාලම් බෝක්කුව යටින් ගමන් කරන විට කැබ් රථයක් එම පාලම් බෝක්කුව යට නවතා ගෙන දෙදෙනෙක් කතා කරමින් සිටිනු දැක ඇත. නමුත් වෙනදා මෙන් එම යුවළ එම ස්ථානයෙන් කිසිම සැකයකින් තොරව ගොස් තිබේ.
ටික වේලාවක් යතුරුපැදියට හේත්තු වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටින විට තිදෙනෙක් එම ස්ථානයට පැමිණ නිරෝධායන ඇඳිරි නීතියක් රටේ තියෙනවා.උඹලා දන්නේ නැද්ද කියා විමසන ගමන් ඔවුන් පොලිස් නිලධාරීන් යැයි පවසා ඇත. පසුව මෙම ආදරවන්තයන් දෙදෙනා නැවත පිටත්ව යන්න සූදානම් වෙද්දී කොහෙයන්නද කියා තර්ජනාත්මකව පවසා තරුණයා එම ස්ථානයේම දණ ගස්සවා දෙදෙනාගේම දුරකථන දෙක ඔවුන් භාරයට ගෙන තිබේ.
අනතුරුව තම ආදරවන්තියව ගොදුරක් ලෙස ඇදගෙන ගොස් මාරුවෙන් මාරුවට සමූහ දූෂණය කර යතුරුපැදියද රැගෙන පලාගොස් ඇත. දූෂණයට ලත් තරුණිය මීගමුව රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සැකකරුවන් සහ යතුරුපැදිය සෙවීමේ මෙහෙයුමක් සිදුව පොලිසිය විසින් සිදුකරමින් සිටී.
මේ වන විට ඩියෝ වර්ගයේ යතුරුපැදිය සමඟින් ෆෝන් දෙක අතහැර දමා ගොස් තිබියදී දංකොටුව ප්රදේශයෙන් සොයාගෙන ඇති බව සීදුව පොලිසිය කීය. ඉදිරි විමර්ශන කටයුතු මීගමුව කොට්ඨාසය භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරි 03 එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත සීදුව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දනුෂ්ක මද්දුමබණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දක්ෂිණ, උප පොලිස් පරීක්ෂක ලොකුනාරන්ගොඩ, පොලිස් කොස්තාපල් මංජුල (60302), පොලිස් කොස්තාපල් හේරත් (72566), පොලිස් කොස්තාපල් කණක (40969) යන පොලිස් කණ්ඩායම විසින් සිදුකරමින් සිටී. සීදුව - නිශ්ශංක මව්බිම පුවත්පත
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |