මාසය වන විට බස් ගාස්තු වල වල සංශෝධනයක්..
ලබන ජූලි මාසය වනවිට හෝ ඊට පෙර ජනතාවට බස් ගාස්තු සහනයක් ලබා දිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
මේ දිනවල පැවැත්වෙන මැතිරවණ රැළි හේතුවෙන් බස් කර්මාන්තයට වාසිදායක තත්ත්වයක් දක්නට ලැබෙන බවයි කොළඹ අද (06) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් ගැමුණු විජේරත්න මහතා,
"මම ගණන් මිමි බැලුවා 2023 වසරේ මාස දෙක දින කිහිපයක් ගිහිල්ලා තියෙනවා මේ වනවිට අපිට මේ උද්ඝෝෂණ හා විරෝධතා නිසා අපේ බස් රථ වලට මිලියන 500 කට ආසන්න මුදලක් අපිට අහිමිවෙලා තිබෙනවා. විශේෂයෙන් මේ බස්නාහිර පළාත තුළ පමණක්.
මේ සම්බන්ධයෙන් අපි හෙට දිනේ පොලිස්පතිවරයාටත් ඒ වගේම මානව හිමිකම් කොමිසමටත් නැවත සිහිකැඳවීමක් කරනවා. එසේ කරගන්න හැකියාවක් වුණේ නැතිනම් අනිවාර්යයෙන්ම මානව හිමිකම් කොමිසමටත් පොලිසියටත් විරුද්ධව අපිට අධිකරණයට යන්න වෙනවා."