ගම්පහ උපකාරක පන්ති වල හදිසියේම කළ දේ..
ගම්පහ නගරයේ පෞද්ගලික උපකාරක පන්ති හදිසි පරීක්ෂාවකට ලක්කර තිබේ. ඒ උපකාරක පන්තියක වැසිකිළියක් තුළ තිබී කැමරාවක් හමුවීමේ සිද්ධියක් පිළිබඳව රටේම අවධානය යොමුවීමත් සමගය.
අදාළ සිදුවීම වාර්තා වූයේ ගම්පහ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය උපකාරක පන්තියකිනි. මේ අනුව ඊයේ (18) දිනයේ ගම්පහ නගරයේ පෞද්ගලික උපකාරක පන්ති හදිසි පරීක්ෂාවකට ලක්කර තිබූ අතර එහිදී ළමුන් විශාල පිරිසක් සහභාගීවන පන්ති දෙකක වැසිකිළිවල ආරක්ෂාව අවම බවට අනාවරණය වී තිබුණි.
එක් පන්තියක පඩිපෙළ ඔස්සේ ඉහළට ගමන් කිරීමේදී වැසිකිළිය පෙනෙන ආකාරයෙක් සකස්වී ඇති බවට නිරීක්ෂණය වී තිබුණි. ගම්පහ මහ නගර සභාවේ නිලධාරීන්, පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම හදිසි සෝදිසිය සඳහා සහභාගී විය.
තවත් පන්තියක වැසිකිළිය ආසන්නේ සවිකර තිබූ CCTV කැමරාවක් නිරීක්ෂණය වී තිබූ අතර එය වහා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස අදාළ ආයතනයේ කළමනාකාරීත්වයට දැනුම්දී තිබේ. බොහෝ උපකාරක පන්තිවල සකස්කර ඇති වැසිකිළි සෞඛ්‍ය පහසුකම්වලින් අවම බවද මෙහිදී නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව අදාළ පෞද්ගලික උපකාරක පන්ති යළි ලියාපදිංචියට පෙර නිවරැදිව සකස් කර දැනුම්දෙන ලෙස එම ආයතන කළමනාකරුවන් සහ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් වෙත දන්වා තිබේ. මේ අතර ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් සිරිවර්ධන මහතා සඳහන් කළේ වැසිකිළිවල කැමරා තැබීමේ වගකීම සිය පාර්ශ්වය වෙත භාරගත නොහැකි බවය.
"ආයතනයක් කොහොමද මේක හොයන්නේ. එක එක්කෙනා පරීක්ෂා කරලා පන්තිය ඇතුළට ගන්න බෑ. මේ වගේ ප්‍රශ්නවලට කා ළඟවත් ප්‍රායෝගික උත්තර නෑ. අනික පොඩි ආයතනවලට මේවා හොයන්න කැමරා හයිකරන්න පුළුවන් කමක් නෑ. කවුරු හරි කෙනෙක් ජනේලයක් උඩින් තියලා තිබුණු කැමරාවකට ආයතනයක් හෝ ගුරුවරු හෝ වගකියන්න ඕනේ නෑ. "
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |