රියැලිටි වැඩසටහනකින් රසික හදවත් දීනූ ප්‍රභල තරුවක් අවසන් ගමන් යයි.(PHOTOS)
සිරස සුපර් ස්ටාර් වේදිකාව තුලින් රසික හදවත් දිනාගත් ගාමණි සුසිරිවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
බෙන්තොට නම ලොවට ගෙන ගිය දක්ෂයෙකු ලෙස නම් දැරූ ඔහු පිළිකා රෝගයට ගොදුරු වීමෙන් මෙලෙස අවසන් ගමන් ගොස් තිබෙනවා.
මේ අතර මෙරට කලා ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් කළ සංගීතඥයෙකු, ගායන ශිල්පියෙකු, රංගන ශිල්පියෙකු මෙන්ම වෙළෙඳ දැන්වීම් අධ්‍යෂකවරයෙකු ද වූ ලක්ෂ්මන් විජේසේකර මහතා ඉකුත් දොළොස් වැනි දා අභාවප්‍රාප්ත වුණා.
දිගු කලක් තිස්සේ අසනීප තත්වයේ පසු වූ ඔහු මිය යන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.
මිය යන විට ඔහු 73 හැවිරිදි වියේ පසු වුණා. සඳ කිනිති නැමී, දැල් වූ පහන්, සුපෙම් හැඟුම් ඔබෙන් එපා, සිනා පිපෙනා මේ වසන්තය, ඔබ මට තරුවකි ආදී ජනාදරයට පත් වූ ගීත රැසක් ඔහු ගායනා කළා.
අභාවප්‍රාප්ත සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකරගේ දේහය මහජන ගෞරවය උදෙසා ගල්කිස්ස කලාපුර පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු අද (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිත යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



