වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමිට අද අධිකරණ දුන් නියෝගය..

Sri Lanka
By krishani Dec 06, 2022 09:40 AM GMT
krishani

krishani

Report

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය හා හික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් වන වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් අද (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කරන ලදී.

ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මුදලක් නියම කර ඇත.

මෙම නියෝගයත් සමඟ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි ඇප මත නිදහස් වුව ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තවදුරටත් රඳාවාගෙන සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha