ගාලුමුවදොර අරගලයට දැවැන්ත හමුදා ප්‍රහාරයක්. නවතම දර්ශන මෙන්න(VIDEO)

Sri Lanka Army Sri Lanka Police Galle Face Protest
By Aruna Jul 22, 2022 01:28 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාළු මුවදොර රැඳී සිටි අරගල කරුවන්ට යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මේ වන විට ඔවුන් අරගලකරුවන්ට පහර දි එම ස්ථානයෙන් පන්නා දමා ජනාදිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන සිටී.

ඉතා කෙටි වේලාවක් ඇතුලත ජනාධිපති ලේකම් කාර්යාලය හා ආසන්න ප‍්‍රදේශ මුදා ගැනීමට හමුදා බල ඇණි සමත්ව ඇත.

අරගලයේ යෙදුනු පිරිස් භූමිය අතහැර ගාළු මුවදොර දෙසට පලා ගොස් ඇත.

නමුත් ගාළු මුවදොරට ඇතුළුවන පිටවන සියළු මාර්ග වසා දැමීමට කටයුතු කර ඇත. අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමටද කටයුතු කර තිබේ.

මේ අතර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගෝඨාගෝගම අරගලකරුවන් ඉවත් කර ඇති බවත් මේ වන විට 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසනවා.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.




තවත් දර්ශන ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now