ගෝල්ෆේස් විරෝධතාවයට ප‍්‍රහාරයක්?..යුධ හමුදාවෙන් නිවේදනයක්..
Sri Lanka
Sajith premadasa
Samagi janabalawegaya
Picketing
Gallface
By Aruna
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇතැයි සමගි ජනබලවේගය සඳහන් කරනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම හෙළිදරව්ව සිදු කලා.
ආණ්ඩුවේනිල කණ්ඩායම් හා නිලනොවන කණ්ඩායම් යොදවා මෙම උද්ඝෝෂණයට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් සකස් කරමින් ඇතැයි තොරතුරු ලැබුණු බව විපක්ෂ නායකවරයා කියා සිටියේය.
මෙම විරෝධාවයට අත නොතබන ලෙස ද එම පක්ෂ මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පැතිරි යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
ශ්‍රී ලංකා යුදහමුදාව විරෝධතාකරුවන්ට පහරදීම සඳහා පුහුණු කටයුතු සිදු නොකරන බවත් එම නිවේදනයේ දැක්වින.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |