හෙට සිදුකරන විශේෂ රථ වාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්..!
Police spokesman
Sri Lanka Police
Galle
Latest Headlines
By Sewvandhi
හෙට(12) ගාල්ල උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම විහාරස්ථානය මගින් පවත්වනු ලබන ශ්‍රී මහා බෝධිරාජ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර පැවැත්වීමට නියමිත ය.
අවසන් රන්දෝලි පෙරහර හෙට රාත්‍රී 7:00 ගාල්ල, උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී ශ්‍රී ගුණානන්ද මාවත ඔස්සේ ගාල්ල, උඩුගම ප්‍රධාන මාර්ගයට පිවිස බාර් හන්දිය දක්වා ගමන් කර නැවත බාර් හන්දියේ සිට එම මාර්ගය ඔස්සේ ම විහාරස්ථානය දක්වා වීථි සංචාරය කිරීමට නියමිත බවයි, පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව, පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ ගාල්ල උඩුගම මාර්ගයේ පෙරහර ගමන් කිරීමට නියමිත කොටසේ රථවාහන ගමනාගමනය සීමා කරන අතර එම කාලය තුළ පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

