විරෝධතාවයක් නිසා ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි..! දැඩි රථවාහන තදබදයක්..
By Sewvandhi
ගාලු මුවදොර පැවැත්වෙන ජන අරගලයට අදට (28) දින 50කි. ඒ වෙනුවෙන් අරගලකරුවන් විසින් කොල්ලුපිටියේ සිට විරෝධතා පාගමනක් සංවිධානය කර තිබේ.
විරෝධතාවය හේතුවෙන් මේ වනවිට කොල්ලුපිටියේ සිට ගාලු මුවදොර දක්වා මාර්ගය අවහිරවී ඇතැයි වාර්තා වෙයි.
මේ අතර දින 50ක් සම්පූර්ණවීම වෙනුවෙන් අද සංවිධාන කර ඇති විරෝධතාවට එක්වන විරෝධතාකරුවන්ට කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා ඊයේ නියෝගයක් නිකුත් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |