සති දෙකකට තහනම් කලාපයක් වුණ ගාල්ල බන්ධනාගාරය..
Galle
Sri Lanka
Department of Prisons Sri Lanka
Prisons in Sri Lanka
Prison
By krishani
මේ දිනවල ගාල්ල බන්ධනාගාර රැඳවියන් අතර මෙනින්ගොකොකස් නම් බැක්ටීරියාව ව්‍යාප්ත වෙමින් පවතියි.
ඒ හේතුවෙන් එම බන්ධනාගාරයට නව රැඳවියන් ඇතුළත් කිරීම, රැඳවියන් උසාවි ගෙන්වීම සති 2ක් යන තෙක් තහනම් කර ඇත.
එමෙන්ම රැඳවියන් මුණගැසීමට බන්ධනාගාරය තුළට පැමිණෙන අමුත්තන් ද සති 2ක් යන තෙක් සීමා කර ඇති බව ගාල්ල බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ය.
මෙම බැක්ටීරියා තත්ත්වය පැතිර යාම මේ වන විට පාලනය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය ඖෂධ ඊයේ දිනයේ දී ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන්ට සහ නිලධාරීන්ට ලබා දීම ආරම්භ කළ බව වැඩිදුරටත් අදහස් දක්වමින් බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.
මේ අතර ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු ද හදිසි අසනීප තත්ත්වයෙන් මිය ගියේ ය.
එවන් පසුබිමක් තුළ බන්ධනාගාරයේ සිටින සියලු රැඳවියන්ට මුව ආවරණ පළදින ලෙස ද උපදෙස් ලබා දී තිබෙනවා.
