අධිවේගී මාර්ගයේ තවදුරටත් නායයෑම්.
Sri Lanka
Southern Province
Landslide In Sri Lanka
Weather
By Hashini
දක්ෂිණ අධිවේගී මාර්ගය පසුගියදා නායයෑමකට ලක් වුණා.
ඒ ඉමදුව හා පින්නදුව අතර 102 කිලෝමීටර් කනුව ආසන්නයෙන්.
මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ එම මාර්ගයේ පස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බවයි.
එම අධිකාරිය සඳහන් කළේ පස් සහ ගල් ඉවත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින අතර රථවාහන ගමනාගමනය සඳහා මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු අනෙකුත් විමර්ශන අංශ සිදුකරන පරික්ෂණවලින් පසු ලබාදෙන නිර්දේශ අනුව ඉදිරි පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
මාර්ග කොටසේ නාය යෑම් අවදානම තවදුරටත් සම්පුර්ණයෙන් පහව ගොස් නොමැති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී කහටපිටිය මහතා ප්‍රකාශ කර තිබෙනවා.
