QR මගින් ඉන්ධන ලබාදීමේ ප්‍රශ්ණය විසදුම් අද හවසට - ජනතාව දැනුවත් වෙන්න
QR ක්‍රමවේදය යටතේ නව වාහන සහ අයිතීන් වෙනස් වූ වාහන මෙන්ම මින් පෙර ලියාපදිංචි වී නොමැති වූ වාහන සඳහා නව ක්‍රමය යටතේ ලියාපදිංචි වීමේ හැකියාව මේ වන විට යථාවත් කර ඇත.
ඒ අනුව fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස Vehicle Registration යටතේ සිය තොරතුරු ඇතුළත් කර මේ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව යථාවත් කර ඇත.
මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකිව තිබූ නමුත් ඉහත පුද්ගලයින් සඳහා එම කේතය යාවාත්කාලීන කර ගැනීමට නොහැකි වී තිබුණි.
එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන සැපයීම සම්බන්ධව පවතින ගැටලු සම්බන්ධයෙන්ද අද (15) පස්වරුව වන විට විසඳුම් ලබා දීමට නියමිතය.