සා.පෙළ සිසුන්ට සහ විභාග කාර්ය මණ්ඩලයට ගෙනා විශේෂ ක්‍රමවේදය..
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සහ විභාග කාර්ය මණ්ඩල වලට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට විශේෂ වැඩපිළිවලක් සකස් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන ප්‍රකාශ කළාය.
ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ මගින් ඔවුන්ගේ පෞද්ගලික වාහන සඳහා ඩීසල් ලබාදීමට මේ වන විට පියවර ගෙන ඇති.
පෝලිම්වල රැඳි නොසිට දිවයින පුරා ඉන්ධන හල් මගින් ඔවුන්ට අවශ්‍ය පෙට්‍රල් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ විභාගය පැවැත්වෙන කාලසීමාවන්වලදී නියමිත දුම්රිය කාලසටහන නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |