තෙල් ගැන බය වුණ අයට සුභ ආරංචියක් - රජයෙන්ම පැහැදිලි උත්තරයක්

Report

කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසන්නේ ඛනිජ තෙල් සැපයුමේ අඛණ්ඩත්වය ලබන අගෝස්තු මාසය දක්වා සහතික කර ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, බලශක්ති සැපයුම සම්බන්ධයෙන් දැනට ගැටලුවක් පැන නොනගින බවයි.

ඩීසල් තොග අවසන් - ඩීසල් හිඟයක් - සමාගම ඩීසල් බෙදීම අත්හිටුවයි

ඩීසල් තොග අවසන් - ඩීසල් හිඟයක් - සමාගම ඩීසල් බෙදීම අත්හිටුවයි

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවය ප්‍රධාන වශයෙන් ආනයනික ඛනිජ තෙල් මත පදනම් වී ඇති බැවින්, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම මෙරටට බලපෑමක් එල්ල කළ හැකි බවයි.

පවතින තත්ත්වය හමුවේ මැදපෙරදිග රටවලට සිදුකරන අපනයන කටයුතු වලටද යම් බලපෑමක් එල්ල වී ඇති අතර, ඉදිරි මාස දෙකක කාලය තුළ අපනයන ක්ෂේත්‍රයේ යම් අඩුවක් දැකිය හැකි බවට ඔහු පවසයි.

දෝහා කටාර් ඇවිලෙයි - එලි වෙනකම් මිසයිල ප්‍රහාර - ජනතාව පණ බයේ බිම්ගෙවල් යට හැංගෙයි

දෝහා කටාර් ඇවිලෙයි - එලි වෙනකම් මිසයිල ප්‍රහාර - ජනතාව පණ බයේ බිම්ගෙවල් යට හැංගෙයි

කෙසේ වෙතත්, පවතින යුදමය වාතාවරණය පාලනය කිරීම සඳහා ඇමෙරිකාව සහ ඊශ්‍රාලය මැදිහත් වනු ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ හරහා යුද්ධය නතර වනු ඇතැයි අපේක්ෂා කරන බවත් අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් - ලංකාවටම අනතුරු ඇගවීමක්

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් - ලංකාවටම අනතුරු ඇගවීමක්