තෙල් පෝලිම් පිටුපස ජුලී චං? අනුරට චෝදනාවක්
ඉකුත් දින කිහිපයේ සිදු වූ තෙල් මිල සහ තෙල් සැපයුම සම්බන්ධ අර්බුදයන් අතරේ රට පුරා ඉන්ධනහල් අසල දිගු, කෙටි පෝලිම් නිර්මාණය වුණා.
මේකට හේතුව වුණේ, ඉන්ධන නොමැති වේ යැයි බියෙන් බොහෝ දෙනා අතිරික්ත ඉන්ධන තොග රැස් කිරීමට උත්සාහ කිරීම බව තමයි මූලිකවම පේන්න තියෙන්නේ.
කොහොම වුණත්, මාසික තෙල් මිල සංශෝධනය නිසා හැම මාසයකම අවසන් දවසේ මේ විදිහේ තදබදයක් ෂෙඩ් අසල ඇති වෙන එක දැන් සාමාන්‍ය දෙයක්.
මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් විවිධාකාරයේ මත පළ කිරීම් සිදු කළා.
ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පවසන්නේ මේ තෙල් සැපයුම් අර්බුදය එක්තරා කුමන්ත්‍රණයක් බවත් මේක පිටිපස්සේ සුවිශේෂී චරිතයක් ඉන්න බවත්.
ඔහුගේ අදහස් දැක්වීම පහතින් නරඹන්න.