ඉන්ධන බවුසර් 15ක තෙල් එකවර මතුවෙයි...ප්‍රශ්ණයට හේතුව මෙන්න..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Jul 04, 2022 12:54 AM GMT
Aruna

Aruna

Report

පොලිසිය හා STF එක්ව අනාවරනය කරගත් මහා අපරාධය තොග රැස්කර වැඩි මිලට අලෙවිකරමින් තිබුණු ඉන්ධන ලීටර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කළ වැටලීම් වලින් පොලිස් භාරයට ගෙන තිබේ.

එය ආසන්න වශයෙන් ඉන්ධනහල් වෙත ගොඩබාන බවුසර් 15කට සමානය බවටයි වාර්තා වන්නේ.

එම ඉන්ධන අතර පෙට්‍රල් ලීටර් 27,001ක්, ඩීසල් ලීටර් 56,323ක්, භූමිතෙල් ලීටර් 19,195ක් වේ.

වැටලීම් 953කදී මෙම ඉන්ධන තොගය සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 884 දෙනෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කලේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now