රටේ ජනතාවට වැඩි වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩි නොවන ඉන්ධන මිල මෙන්න..

Report

ඉන්ධන මිල වැඩි වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ඊට සමගාමීව වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත.

මේ තීරණය ගෙන ඇත්තේ රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙනය.

පවතින ඉන්ධන මිල හා ගලපා ඉන්ධන දීමනාව ලබාදීම මෙතෙක් සිදු කෙරිණ.

ඉන්ධන මිල කිහිප වතාවක් වැඩි වුවත් ඒ මිල අනුව ඉන්ධන දීමනාව වැඩි නොකර පෙර ඉන්ධන මිලටම( පෙබරවාරි මාසයේ) දීමනාව ලබාදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now