යළි ඉන්ධන 200කින් වැඩිකරන්න යයි..වැඩි කරන දිනයත් මෙන්න.(VIDEO)

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Jun 19, 2022 11:51 PM GMT
Aruna

Aruna

Report
310 Shares

පවතින අර්බුදය හමුවේ එළඹෙන ජුලි මස මුල් සතිය වන විට රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට සැලසුම් කර ඇති බව ඉන්ධන,වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.

මේ මොහොතේ මෙරටට ඉන්දීය මැදිහත් වීම බරපතල ලෙස සිදුවන බව පෙන්වා දෙන ආනන්ද පාලිත මහතා මන්නාරම් ද්‍රෝණියේ ඇති සක්‍රිය තෙල් ළිං හතර ඉන්දියාවට ලබා දීමත් කච්චතිව් දුපත ලබා දීමටත් රජය සැලසුම් කර ඇති බව ද සදහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ එළඹෙන 24 වෙනිදා ඉන්ධන රුපියල් 200ක උපරිම මිලකින් ඉහල දැමීමට රජය මේවන විට පිඹුරු පත් සැකසා ඇති බවයි.

රටේ මෙතරම් අර්බුදයක් පවතින අවස්ථාවක ඇමති ධුරයක්ද දරු දැනට මන්ත්‍රී ධුරයක් දරන රාජපක්ෂ පුත්‍රයෙකු ඉන්ධන මගඩියකට සම්බන්ධ වී ඇති බවටත් ඔහු චෝදනා කලේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

හැමෝම දන්න ශලනි තාරකා පෙම්වතා එක්ක කරපු අලුත්ම වැඩේ..