ඉන්ධන මිල යළිත් ඉහළ යයි?..ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.
ඉන්ධන මිල පසුගිය 18 දා වැඩි කළද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පාඩු ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මිල වැඩි කළද ඩීසල් හා පෙට්‍රල් තවමත් අලෙවි කරන්නේ අලාභ පිට බවයි.
භූමිතෙල් ලීටරයක පිරිවැය 313ක් වුවත් අලෙවි කරන්නේ රුපියල් 87 ට බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
රුපියල අවප්‍රමාණය වීම හා බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් අලාභය වර්ධනය වන බවත් , අප්‍රේල් 18 මිල වැඩිකිරිමට පෙර ලංකා ඛණිජතෙල් සංස්ථාව දෛනිකව ලැබූ අලාභය රුපියල් මිලියන 1613ක් බවත් කාංචන විජේසේකර වැඩිදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |