අද මධ්‍ය රාත්‍රියේ ඉන්ධන මිල සංශෝධනයක්..මිල ගණන් අඩු කරයි?..

Report

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීමට නියමිතව තිබේ.

මිල කමිටුවේ නිර්දේශ සඳහා අමාත්‍යංශයේ අනුමැතිය හිමි වූ පසුව එම මිල ගණන් තීරණය කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

බොහෝ පිරිස් විශ්වාස කරන්නේ, ලෝක වෙළ පොළේ ඉන්ධන මිල ගණන් වල හැසිරීම අනුව, මෙවර ද ඉන්ධන මිල අඩු වනු ඇති බවයි.

තෙල් මිල පහළ යයි..නව මිල ගණන් මෙන්න..

තෙල් මිල පහළ යයි..නව මිල ගණන් මෙන්න..


කෙසේ වෙතත් මිල සළකා බැලීමේදී මිල කමිටුව රුපියලේ අගය ඉහළ යෑම සැළකිල්ලට ගන්නා නමුත් එය එකම නිර්ණායකය නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මාසිකව සිදු වන මෙම ක්‍රියාවලිය වෙළඳපොළේ සැබෑ ඉන්ධන මිල කෙරෙහි බලපාන සියලු සාධක මත මිල තීරණය කරනු ලබයි.

මේ අතර, මෙම මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් තුනකින් අඩු කරනු ලැබීය.

ඒ අනුව, එහි නව මිල රුපියල් 368ක්. පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 20කින් අඩු කළ අතර, එහි නව මිල රුපියල් 420ක් වේ.

මේ අතර, සුදු ඩීසල් රුපියල් 30කින් අඩු කිරීමට පියවර ගත් අතර, එහි නව මිල රුපියල් 333 වනවා.

එමෙන් ම සුපිරි ඩීසල් රුපියල් 9කින් අඩු කළ අතර, එහි නව මිල වන්නේ රුපියල් 377ක්.

දිවයින පුරා සියලුම පාසල් දරුවන් අදයි හෙටයි පාසල් යන්න..හෙට විශේෂ දෙයක් වෙයි..(UPDATE)

දිවයින පුරා සියලුම පාසල් දරුවන් අදයි හෙටයි පාසල් යන්න..හෙට විශේෂ දෙයක් වෙයි..(UPDATE)


භූමිතෙල් ලීටරයක මිල රුපියල් 30ක් අඩු කළ අතර එහි මිල රුපියල් 215ක් වන බවයි, ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේ.

ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ගණන් ද පසුගිය සතිය වන විට පහල ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.

මෙවන් තත්ත්වයක් තුළ, බොහෝ විට ඊට සාපේක්ෂව මෙරටද ඉන්ධන මිල ගණන් පහල හෙළීමට බොහෝසෙයින් හැකියාවක් පවතී.

මේ අනුව, ලෝක වෙළඳ පොළෙහි බොරතෙල් මිල ගණන් අඩුවීමේ වාසිය මෙරට පාරිභෝගිකයින්ට ලබාදීම අදාල බලධාරීන්ගේ යුතුකමක් සහ වගකීමක් නොවන්නේ ද?