දිවයින පුරා සියලුම පාසල් දරුවන් අදයි හෙටයි පාසල් යන්න..හෙට විශේෂ දෙයක් වෙයි..(UPDATE)

Report

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ, අද සහ හෙට දිනයේ එනම්, මැයි මස 30 සහ 31 දිනයන්හි දිවයින පුරා සියලු‍ම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනය පහතින් දැක් වේ,

දිවයින පුරා සියලුම පාසල් දරුවන් අදයි හෙටයි පාසල් යන්න..හෙට විශේෂ දෙයක් වෙයි..(UPDATE) | Education Ministry Spacial Announcement

මේ අතර, උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල මැයි 31 වන දින එනම් හෙට දිනයේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර තිබෙනවා.

2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව ද පසුගියදා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් ගගන ප්‍රවෘත්ති අංශයේ අප අධ්‍යාපන අමාත්‍යංශයෙන් සහ විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය දැනුම්දෙයි..ප්‍රතිඵල බලන්න පිවිසෙන්න..

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය දැනුම්දෙයි..ප්‍රතිඵල බලන්න පිවිසෙන්න..


එහිදී ඔවුන් කියා සිටියේ, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සියල්ල මේවන විට සූදානම් කර ඇති බවත්,තවම ඒ සම්බන්ධයෙන් නිලවශයෙන් දැනුම් දී නොමැති බවයි.

කෙසේවෙතත් විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළ පරිදි බොහෝවිට හෙට දිනයේ විභාග ප්‍රතිපඵල නිකුත් කරනු ඇතැයි දැඩි අපේක්ෂාවෙන් සිටියි.

මේ අතර උසස් පෙළ විභාගය 2023 ජනවාරි මාසයේදී සිදු වූ අතර, සිසුන් 346,976 ක් සහභාගී විය.

මෙයින් 281,445 පාසල් අයදුම්කරුවන් වන අතර 65,531 පෞද්ගලික අයදුම්කරුවන් විය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ප්‍රතිඵල නිකුත් කළ පසු පහත වෙබ් අඩවිවලින් ලබාගත හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර පහතින්,

– www.doenets.lk

– www.results.exams.gov.lk