ලබන 15 ඉන්ධන මිල යළි ඉහළ යයි ද?..දැන් සිදුවී තිබෙන දේ මෙන්න..
මේ වන විටත් තෙල් සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 12 ක පාඩුවක් සිදුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති DV චානක මහතා සඳහන් කර සිටිනවා.
පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව ප්‍රකාශ කළා.
සෑම මසකටම දෙවරක් ඉන්ධන මිල ලෝක වෙළෙඳ පොළේ මිල සමග ගැලපීමට රජය මිල සූත්‍රයක් ගෙන විත් ඇති නමුත් මෙවර එම සංශෝධනය සිදු නොකළ බවද අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියා.
රජය පාර්ශවයෙන් ඉන්ධන වලින් මෙලෙස පාඩු ලබන බව පැවසුවත්,ලංකා අයි.ඕ.සී සමාගම නම් පසුගිය මාස කිහිපයේ වාර්තාගත අධික ලාභයක් උපයා තිබේ.
එකම මිලක් යටතේ ඉන්ධන අලෙවි කර එක් ආයතනයක් අධික ලාභ උපයද්දී අනෙක් ආයතනය පාඩු ලැබීමට හේතුව කුමක්ද?
මෙලෙස ඩීසල් ලීටරයකින් මේ වන විට රුපියල් 12ක පාඩුවක් ලැබීම නිසා මිල සංශෝධනය වීමට නියමිතව තිබෙන ලබන 15 වන දා යළි ඩීසල් මිල රුපියල් 12කින් ඉහළ දමයිද?
ජනතාවට පෙර තිබූ ඉන්ධන මිල ගණන් වලට ඉන්ධන ලබාගන්නට තව කෙතෙක් කාලයක් බලා සිටින්නට වේද?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |