ඉහළ ගිය තෙල් මිල යළි අඩුවෙයි.. සමබර ලෙස පාලනය වෙයි..

Business Mobile Sri Lanka Fuel Price In World
By Aruna Nov 07, 2022 10:53 PM GMT
Aruna

Aruna

Report

සති කිහිපයක් පුරා අඛණ්ඩව ඉහළ ගිය ලෝක වෙළදපලේ බොරතෙල් මිල මේ වන විට ක්‍රමක්‍රමයෙන් යළි ඇමරිකානු ඩොලර් 100 යේ සීමාවට ආසන්න වෙමින් පවතිනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ සටහන් වූයේ, ඩොලර් 98 යි ශත 52 ක් ලෙසයි.

ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 92 ඉක්මවා තිබුණා.

පසුගිය සැප්තැම්බර් 27 වනදා සිට බොරතෙල් මිලෙහි ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබීම ද විශේෂත්වයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now