තෙල් මිලට ආයෙත් වුණේ මොකක්ද දන්නව ද?.

Fuel Price In World Dollars Latest Headlines Decision Making
By krishani Apr 17, 2024 10:43 AM GMT
krishani

krishani

Report

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 100 දක්වා ඉහළ යනු ඇති බවට විශ්ලේෂකයන් මත පළ කරයි.

තෙල් මිලට ආයෙත් වුණේ මොකක්ද දන්නව ද?. | Fuel Price In World April 2024

ඒ වර්ධනය වෙමින් පවතින මැදපෙරදිග යුද තත්ත්වයත් සමගයි.

එම විශ්ලේෂකයන් වැඩිදුරටත් සඳහන් කළේ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉන්ධන ප්‍රවාහන නෞකා ගමනාගමනයට බාධා කළහොත් එය තවත් ගැටලු සහගත වනු ඇති බවටයි.

එමෙන්ම, ඊශ්‍රායලය සහ ඉරානය අතර, උණුසුම තවමත් පහළ ගොස් නොමැති අතර ලොව දෛනික ඉන්ධන පරිභෝජනයෙන් 5න් 1ක් මැද පෙරදිග අපනයනකරුවන්ගෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය සිදු කෙරෙයි.

මෙරට බැංකු කිහිපයක අද ඩොලරයට ලබා දුන්න වටිනාකම සටහන් වුණේ මෙහෙමයි..(PHOTOS)

මෙරට බැංකු කිහිපයක අද ඩොලරයට ලබා දුන්න වටිනාකම සටහන් වුණේ මෙහෙමයි..(PHOTOS)


මේ වන විට ලෝක වෙළදපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 90 මට්ටමේ පවති.

කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් බොරතෙල් බැරලයක් ඩොලර් 130 දක්වා ඉහළ යාමේ අවධානමක් ද පවති බවට සඳහන් වේ.